එ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිවන අතර ඒ අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138 වේ.
පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද, උත්සව සමය හේතුවෙන් පාරිබෝගික ජනතාවට සහන සළසනු වස් දේශීය වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි කලේ නැත. මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිළ අඩුවීමේ ප්රවනතාවයක් පෙනෙන්නට තිබේ.
ඒ අනුව එම මෙම තත්වය දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාතයංශය පවසයි.