මීට පෙර අවස්ථා තුනක දී විශේෂ කාරක සභාව රැස්විය. අද කාරක සභාව රැස්වන්නේ සිව්වැනි දිනටයි. කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා අද (13) කාරක සභාව හමුවට සාක්ෂි ලබදීමට කැඳවා තිබේ.
ඊට අමතරව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ,රාජ්‍ය පරිපාලන හා ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා කැඳවා තිබේ. කාරක සභාව ප.ව. 2.00ට ආරම්භ වීමට නියමිතයි.