ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

ජූනි 21, 2019

    මත්ද්‍රව්‍ය භාවිතය හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

    එය ඉදිරි සතියේ සිට ජූලි මස 01 වැනි දින දක්වා  ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.

    මත්ද්‍රව්‍ය භාවිතය හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය ලබන 26 වැනි දිනට යෙදී තිබේ.

    මත්ද්‍රව්‍ය නිවාරණ සතියේදී පුනරුත්තාපනය ඉලක්ක කර ගත් ප්‍රධාන වැඩසටහන් 09 ක් පළාත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

    අදාළ කාලයේදී පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සංවිධානය කරන ලෙස අධ්‍යපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

    මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන වැඩසටහන ලබන මස 01 වැනි දින සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    Latest News