පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඊයේ දිනයේ සිදුවූ එවැනි සිදුවීම් දෙකක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවයි.
සිංහලේ අපි සංවිධානය මේ සම්බන්ධව පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. එමගින් ඉල්ලා ඇත්තේ, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.
වාසුදේව නානායක්කාර මහතා ඊයේ ශ්‍රෙෂ්ඨාධිකරණ භූමියේ දී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දී ආපසු යමින් සිටිය දී කිසියම් පිරිසක් කෑගසමින් අපහාස කළ අයුරු දක්නට ලැබුණි. අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි සිදුවීම් යළි නොවීමට මේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි පැමිණිලිකාර පාර්ශ්ව පොලීසියෙන් ඉල්ලා සිටින්නේ.