කාසල්රි ජලාශයට බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය, නොර්වුඩ් ප්‍රදේශයේදි පිටාර ගැලිම හේතුවෙන් නිවාස ජයලයෙන් යටවිම සිදුවේ.
ජලයෙන් යටවිම පාලනයට අපදා කළමණාකරණ අමාත්‍යංශය විසින් ඔය කපා පුළුල් කිරිමට රු ලක්ෂ 28 ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි. තලවකැලේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකු එය ලක්ෂ 14 කට අවසන් කිරිමට අපදා කළමණකාරන ඒකකයෙන් ටෙන්ඩර් ලබාගෙන තිබුණි. ඔය පුළුල් කිරිමේදී කොන්ත්‍රාත්කරු එහි ඉවුරු ඛාදනයට වගා කර ඇති උණ පදුරු සහ උණ ගස් කපා පරිසර විනාශ කිරිමට එරෙහිව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති විසින් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ අපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක වරයා දැනුවත් කිරිම කර තිබේ.
ඒ අනුව කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ කටයුතුවලට අපදා කළමණාකරණ ඒකකය හා නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින් කොන්දේසි ගණනාවක් කොන්ත්‍රාත්කරුට පැනවිණ. එ අනුව කොන්ත්‍රාත්කරු විවිධ හේතු දක්වමින් එම ව්‍යාපෘතිය සිදු කිරිමට නොහැකි බව අද කියා සිටියේ. කොන්ත්‍රාත්කරුගේ එම ප්‍රකාශයත් සමඟ ඔහ අසල පදිංචි ජනතාව විසින් කොන්ත්‍රාත්කරුට බැන වදිමින් දෝෂාරෝපණය කිරිමත් සමඟ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.
මේ අනුව ඔය පුළුල් කිරිමේ ඉදිරි කටයුතු දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි සිදුකිරිමය ආපදාකළමනාකරණ ඒකකය තිරණය කර ඇත.
ඔය කපා පුළුල් කිරිමේදි ඉවත් කරන පස්වල ඇති මැණික් ඉල්ලම් විකිණිමට ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරිය පැවැත්වු වෙන්දේසියකින් රු ලක්ෂ 58 ක මුදලකට එය මැණික් ජාවාරම්කරුවෙකු ලබාගෙන තිබිණ.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...