රිෂාඩ් - මහේෂ් අද තේරීම් කාරක සභාවට

ජූනි 26, 2019

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේ්ෂ් සේනානායක මහතා හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතයි. 

    ඒ පිළිබඳව යුද හමුදාපතිවරයාට හා රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දී ඇති බව, විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේය.  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි. 

    අද සිදු කෙරෙන සාක්ෂි විමසීම සාමාන්‍ය පරිදි මාධ්‍යයට විවෘතව පවතියි.  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ද විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අපේක්ෂිතයි.

    Latest News