රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

අගෝ 27, 2021

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඒ මහතාගේ මාමණ්ඩිය වන මොහු ෂියාබ්දීන් නැමැත්තා ඇප මත මුදාහරින්නැයි කෙරුණු ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    අදාළ සැකකරු වෙනුවෙන් මෝසමක් මාර්ගයෙන් මෙම ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා තම සේවාදායකයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහු පළමුවන කෙවිඩ් මර්දනය එන්නත පමණක් ලබාගෙන ඇති නිසා ඔහුගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ලවී ඇතැයි සඳහන් කළා. එය සුවිශේෂි කරුණක් සේ සලකා තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එහෙත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට රෝගී තත්ත්වයක් තිබේ නම් රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

    Last modified on සිකුරාදා, 27 අගෝස්තු 2021 18:33

    Latest News