අක්මීමන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ ඇරඹේ

ජූලි 04, 2019

    අක්මීමන, මානවිල ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට ආරක්‍ෂක නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    එම ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයා ජීවිතක්‍ෂයට පත්විය. මානවිල, උපනන්ද විද්‍යාලයටයි, එම පුද්ගලයා ඇතුළුවීමට උත්සාහ දරා ඇත්තේ. ඔහු එම අවස්ථාවේ පාසලේ රාජකාරි කටයුතු කරමින් සිටි යුද හමුදා නිලධාරියෙකු සමඟ බහින් බස්වීමක් ඇති කරගෙන තිබේ. යුද හමුදා නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ දැරීමේදී මෙම අනතුව සිදුව ඇත. මියගිය පුද්ගලයා අක්මීමන පිලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39ක පුද්ගලයෙක්.

    සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා...

    “තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්වී තිබුණා. ඔහුගේ දරුවන් තිදෙනා මෙම පාසලේ අධ්‍යාපනය ලබන බවට අනාවරණය වුණා. ඒ පිලිබඳව අක්මීමන පොලිසිය විමර්ශන ආරම්භ කළා. මේ යුද හමුදා සෙබළාව අදාළ රාජකාරි ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගැනිමට සිදුවුණා. මේ වනවිට අක්මීමන පොලිසියේ අත්අඩංගුවේ පසුවෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතව තිබෙනවා“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

    Latest News