දිස්ත්‍රික්ක 17කට වියළි කාලගුණයෙන් පීඩා

ජූලි 04, 2019

    දිස්ත්‍රික්ක 17කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් එක් ලක්‍ෂ විසිහය දහසකට අධික පවුල් සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටී.

    හාරලක්‍ෂ පනස් නව දහසකට වැඩි පිරිසක් ඊට ඇතුලත්. වියලි කාලගුණය බලපෑමෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයෙන්. ඒ පවුල් 23,518කට අයත් පුද්ගලයන් 77,633ක්. යාපනය, අනුරාධපුර, පොලොන්නරුව, මන්නාරම, මාතලේ, අම්පාර, ත්‍රිකුණාමලය ඇතුලු දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව ද දුෂ්කරතාවට පත්ව සිටී. පානීය ජල හිඟය මෙන්ම, වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැති වීමෙන්, විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු පවසයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටින්නේ පානීය ජල ගැටලුව පවතී නම්, 117 දුරකථන අංකය මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙසයි. පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය පියවර ගෙන තිබේ. සහන නොලැබීමේ හෝ වෙනත් ගැටලුවක් ඇත්නම් අදාළ දුරකතන අංකයෙන් ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    Latest News