කාණු, බෝක්කු, මල් පැළ සංවර්ධනයට එහා ගිය සංවර්ධනයක් 2015න් පසු

ජූලි 14, 2019

    රුපියල් මිලියන 335ක වියදමින් මොරටුව නගරය සංවර්ධනය කිරීම අද (14) ආරම්භ කෙරිණ.

    ඒ “සුඛිත පුරවර“ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ. සංවර්ධනය කිරීම් සිදුවන්නේ, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා පූර්ණ අධීක්‍ෂණය යටතේ. මොරටුව, කටුබැද්ද වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම්, මොරටුව වීරපුරන් අප්පු උද්‍යාන චතුරඝ්‍රයේ දෙවැනි අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීම, කාපට් අතුරා සංවර්ධනය කළ පුවක්අරඹ-සල්ගහවත්ත මාර්ගය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ. කටුබැද්ද තාවකාලික වෙළෙඳ සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට ද අමාත්‍යවරයා එක්විය. එහිදී අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...

    “සමහර අහනවා මොකක්ද වෙනස කියලා. මම බයනැතුව කියනවා 2004 ඉඳන් 2015 දක්වා නාගරික සංවර්ධන අධිකාරිය වසර 10ක් තිස්සේ වියදම් කරපු ප්‍රාග්ධන වියදමට වඩා අද නාගරික සංවර්ධන අධිකාරිය එක වසරකට වියදම් කරනවා කියලා මම කියනවා. ඒ තමයි අපේ මුල්‍ය ශක්තිය. ඒක මේ කොළඹ පැත්තේ හැදුවනම් තමයි කට්ටියට ඕක පේන්නේ. මල් ගස් හිටෙව්වනම්. නමුත් අද රට පුරාමත් කොළඹ යටත්, ඒ නාගරික බිම් නිර්මාණය වෙනවා. කිසිම ආකාරයට අපේ අමාත්‍යාංශයේ ඔය අරයගේ, මෙයාගේ කොමිස් ගත්තයැ, අරයගේ, මෙයාගේ මාළිගා හැදුවැයි කියලා චෝදනා නැහැ. පහුගිය රජයේ තිබුණේ මුදල් අමාත්‍යාංශයේ වර්ගවාදයක්. පවුලේ කට්ටියට විතරයි සල්ලි හම්බවෙන්නේ. අනිත් අය උඩබලන් ඉන්නවා. ව්‍යාපෘතියක් දැම්මොත් නමදාන්න ඕනේ. නම දැම්මේ නැත්නම් ඒ ව්‍යාපෘතියට සල්ලි නැහැ. ඒ නිසා මුදල් රාජ්‍ය ඇමතිතුමත් ඉන්න වෙලාවේ ඉස්කොලවලත් හොඳට හැසිරෙන ළමයින්ට හොඳට ගුරුවරුනුත් උදව් කරනවා වගේ, හොඳට හැසිරෙන අමාත්‍යාංශයට හොඳට සලකන්න කියලා එතුමගේ අමාත්‍යාංශයේ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

    Latest News