පැය 24තුළ මුහුදේ රළු ස්වභාවයක්

ජූලි 21, 2019

    ඉදිරි පැය 24 තුල පුත්තලම,කොළඹ - ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි 60-70 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වූ වෙරළාසන්න ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ත්, 3.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පවතියි. දිවයිනේ සුළං තත්වය ලබන 22 වැනිදා බලපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. වයඹ,බස්නාහිර,නිරිත හා දකුණ යන පළාත්වල මුහුදු ප්‍රදේශවල එය වඩාත් බලපානු ඇති. බස්නාහිර,දකුණු,මධ්‍යම,සබරගමුව,වයඹ හා උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් තරමක තද සුළං ඇතිවිය හැකියි.

    මේ අතර බලංගොඩ,රත්නපුර හා නුවරඑළිය යන ප්‍රදේශවල නාය අනතුරු සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් සබරගමුව පළාතේ පවුල් 3845ක් හා මධ්‍යම පළාතේ 21094 බලපෑමට ලක්ව සිටියි. සබරගමුව පළාතේ පීඩාවට පත් පිරිස 13368ක් වන අතර මධ්‍යම පළාතේ එම ප්‍රමාණය 75598ක්.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 11:29

    Latest News