අලි පැටවෙකු තබාගත් විනිසුරුට සිතාසි

ජූලි 23, 2019

    බලපත්‍ර නොමැතිව අලි පැටවකු තබා ගැනීමේ චෝදනා ලැබ සිටින වැඩ තහනමකට ලක්වු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතරකට කොළඹ මහාධිකරණය විසින් අගෝස්තු 30 වනදා අධිකරණයේ පෙනී සිටිමට සිතාසි නිකුත් කෙරිණ.

    නීතිපති ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් නොතිසි නිකුත් කළේය.

    බලපත්‍රයක් නොමැතිව "සකුරා" නැමති අලි පැටවකු තබා ගැනීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමි නීතිපතිවරයා විසින් තිලිණ ගමගේ මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබිණ.

    සෙසු විත්තිකරුවන් ලෙස අලි පැටවාගේ මුල් අයිතිකරු ලෙස‍‍ පෙනී සිටි චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ ලිපිකාරුණික වන ප්‍රියන්කා සංජීවනී යන අය නම් කර ඇත.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 18:48

    Latest News