ගෝඨාභයට ජනපති අපේක්ෂකත්වය නොලැබෙන බවට ඇමති හැරිසන්ගෙ හෝඩුවාව

ජූලි 27, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් නොකොට චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩකඩ පවතින බව කෘෂිකර්ම වාරිමාර්ග අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

    කැකිරාව පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේදි ඔහු මේ බව කියා සිටියේය.

    ජනාධිපති වරයෙකු වීම සඳහා අවශ්‍ය පුද්ගලයකුට සුදුසුකම් මොනවාදැයි මාධ්‍යමවේදීහු අමාත්‍යවරයාගෙන් විමසීමක් කිරීමේ දී ඔහු කියා සිටියේ ජනාධිපති වරයෙකු වීම සඳහා ඇති එකම සුදුසුකම ජනතා කැමැත්ත බවයි.

    එමණක් ජනපතිවරයකුට ප්‍රමාණවත් දැයි නැවතත් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළේය.

    සමාජ ආර්ථික මෙන්ම ජාත්‍යන්තර සබඳකම් ආදී දැනුමෙන් පිරිපුන් පුද්ගලයකු වූ ජනාධිපති අපේක්ෂකත්වය දැරීමට සුදුසු බව ඔහු අවධාරනය කළේය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී ලඟදීම තම පක්ෂයේ සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් එතෙක් විවිධ අය තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යෑම පලක් නොවන බව හෙතෙම සඳහන් කළේය.

    මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම පසුගියදා සුළු පක්ෂ සමග අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී එම රූපරාමු සිවුම් ලෙස බැලීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය නොලැබෙන බවත් චමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමට එහි කටයුතු සිදුවෙන බවක් පෙනී යන බවද ඔහු කීවේය. විදේශ රට වලින් අපද්‍රව්‍ය ගෙන්වීම පිටුපස එජාප කිසිවකු නැති බව ද පැවසියිය.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 15:18

    Latest News