කොහුවල වෙඩි තැබිමක්: ව්‍යාපාරිකයෙකු මරුට

ජූලි 28, 2019

    කොහුවල ජම්බුගස්මුල්ල මාවතේ අද(28) අලුයම ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. 

    මියගොස් ඇත්තේ නුගේගොඩ උඩහමුල්ල මාදිවෙලපාරේ පදිංචි සුනිල් රුවන් පෙරේරා නමැති 38 හැවිරිදි අයෙකි. ඔහු ජීප් රථය පැදවු පුද්ගලයා බව පොලිසිය පවසයි. බරපතල තුවාල ලබා ඇත්තේ නුගේගොඩ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

    තුවාල ලැබූ තැනැත්තා ජාතික රෝහලට අතුලත් කර තිබේ. කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Last modified on ඉරිදා, 28 ජූලි 2019 09:29

    Latest News