උතුරු මැද ගොවිබ්ම් සරුකරන්න රජය ඇරඹු මහා වාරි ව්‍යාපෘතිය (වීඩියෝ)

ජූලි 27, 2019

    මහවැලි ජල සුරක්‍ෂිතතා ආයෝජන වැඩසටන යටතේ ක්‍රියාත්මක ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය හෙවත් උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කර තිබේ.

    උතුරු මැද පළාතේ ජල හිඟයෙන් පීඩා විඳින ජනතාවට පානීය සහ වගා ජලය සැපයීම වයාපෘතියේ ප්‍රධාන අරමුණයි. මොරගහකන්ද කළු ගඟ ජලාශවලින් හා යාබද ගංගා ද්‍රෝනිවලින් ලැබෙන අතිරික්ත ජලය උතුරු මැද පළාතට ගෙන ගොස් එම ජනතාවගේ මූලික ජල අවශ්‍යතා සපුරා ජීවන තත්වය නඟා සිටුවීම මෙමගින් සිදු කෙරේ. ශ්‍රී ලංකා රජය වයාපෘතිය ක්‍රියාත්මක කරන්නේ, ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්වයි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6,500ක්.

    මොරගහකන්ද ජලාශයේ සිට අනුරාධපුර හුරුළු ඔය දක්වා ජලය රැගෙන යනු ලබන්නේ, කිලෝ මීටර් 67ක් දිග ඇළ මාර්ගයක් ඔස්සේයි. දකුණු ආසියාවේ ඉදිවන විශාලතම උමං මාර්ගයක ද මීට අයත්. මෙම ඇළ මාර්ගය භූගත සහ විවෘත ඇළමාර්ගයක් ලෙස ඉදිකිරීම ද විශේෂත්වයක්. හුරුළුවැව, මානන්කට්ටිය වැව, ඒරුවැව සහ මහකනදරා වැවට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම තුළින් ඒ, ආශ්‍රිත වගා බිම්වලට යල මහ දෙකන්නය සඳහා අවශ්‍ය ජලය සැපයිය හැකියි. එමගින් ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ යන අතර, ශාඛවලට ප්‍රජාවට හිතකර පරිසරයක් මෙන්ම, ජනතාවට ළිං ජලය භාවිත කිරීමට ද හැකිවේ. පවුල් 25,000කට අධික සංඛ්‍යාවකට ව්‍යාපෘතියෙන් සෙත සැලසෙන අතර එය 2025 වසර වනවිට නිම කිරීමට අපේක්‍ෂිතයි.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 20:35

    Latest News