ඩිලාන්ගේ පොහොට්ටු ගමනට තේනුකගෙන් විරෝධයක් (වීඩියෝ)

ජූලි 29, 2019

    ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මහ ඇමති අපේක්ෂක ධූරය සදහා බලාපොරොත්තු ඇති නමුත් පොහොට්ටු වෙනුවෙන් වැඩ කළ ජේෂ්ඨයෝ ඉන්නවා යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පවසයි.

    "මම තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා සංධානයේ නායකයා එම නායකකම වෙන කෙනෙකුට දීමට බලාපොරොත්තු නැහැ. මම අභියෝග කරනවා හැකිනම් හාලිඇල ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 5000 ගෙනැවිත් පෙන්නන්න කියලා".

    ඒ මහතා එම අදහස් පළ කළේ හාලිඇල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි. එම උත්සවය අද (29) හාලිඇල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.

    Last modified on සදුදා, 29 ජූලි 2019 19:15

    Latest News