ඇසළ පෙරහැරට විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්; යුද හමුදාපති (වීඩියෝ)

ජූලි 29, 2019

    ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    එම නිසා අනියත බියකින් තොරව පෙරහැර නැරඹීමට පැමිණෙන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. අද උදෑසන දළඳා මාළිගයට පැමිණි යුද හමුදාපතිවරයා දළඳා සමිඳුන් වැඳ පුදාගත්තේය. අනතුරුව, ඇසළ පෙරහැර වෙනුවෙන් යුද හමුදාව වාර්ෂිකව සිදු කෙරෙන කොප්පරා පූජා කෙරිණ. රට වෙනුවෙන් මියගිය සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මෙය සිදු කෙරිණ.

    ඇසළ පෙරහැරේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අදහස් පළ කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා...

    “හදිසි නීතියක් තිබෙන අවස්ථාවකදී යුද හමුදාවට විශේෂ කාර්යක් තියෙනවා. අපි ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධව ගුවන් හමුදාව, නාවික හමුදාව සමඟ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ සඳහා භට පිරිස් වැඩියෙනුත් මේ ප්‍රදේශයට එවලා පටන් අරගෙන තියෙනවා අපේ කාර්ය ඉටු කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඉතාමත් සාමකාමී වාතාවරණයක් තුළ මෙවරත් ඇසළ පෙරහැර පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ කිසිම බියක් සැකයකින් තොරව නුවරට පැමිණිලා මෙම ඓතිහාසික උත්සවයට සහභාගි වෙන්න කියලා“ යැයි යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කරයි.

    Last modified on සදුදා, 29 ජූලි 2019 20:09

    Latest News