සිම් යට සැගවූණ බුත්තල කුඩු ජාවාරම එළිය

ජූලි 30, 2019

    බුත්තල නගරයේ දී සිදු කල වැටලීමක දී සිම් කාඩ්පත් අලෙවි කරන මුවාවෙන් පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් දිවයිනේ ප්‍රදේශ රැසක මෙම ජාවාරම සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අලෙවි කිරීමට සුදානම් කල හෙරොයින් පැකට් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 -28ත් අතර පසුවන්නන් බව පොලිසිය පවසයි.

    සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 12:25

    Latest News