මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකුල නෑ..නීතිපති ජනපතිට දන්වයි

අගෝ 05, 2019

    පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නීතිපතිවරයා දන්වා තිබෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන කි‍්‍රඩාංගණයේ පැවති, රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ති‍්‍රක් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින්. රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම දැවැන්ත පරිසර විනාශය වළක්වාගත යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ.

    මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැගෙන හඩ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්තී‍්‍ර දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය.

    පසුගිය 29 වැනිදා ගම්පහ දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු "රට වෙනුවෙන් එකට සිටිමු" හය වන වැඩසටහන දින 06 ක් පුරා දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක සාර්ථකව කි‍්‍රයාත්මක කෙරුණු අතර තුන් ලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසකට ප‍්‍රතිලාභ සලසමින් කි‍්‍රයාත්මක කෙරුණු වැඩසටහන් හාරදහසකට අධික සංඛ්‍යාව වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 123කි.

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද "රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික වැඩසටහන මීට පෙර පුත්තලම, මඩකලපුව, අම්පාර, මුලතිව් සහ මොනරාගල දිස්ති‍්‍රක්කයන්හි කි‍්‍රයාත්මක කෙරුණු අතර දිවයිනේ සෑම දිස්ති‍්‍රක්කයකම සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන පරිදි ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, සාමාජීය, පරිපාලන හා පාරිසරික ගැටලූ විසදීමට රජයේ දායකත්වය ලබාදීම වැඩසටහනේ අරමුණයි.

    ඒ අනුව, මෙම වැඩසටහන මගින් ජනාධිපති ලේකම් කාර්යාලය කි‍්‍රයාත්මක කරන ප‍්‍රධාන ජාතික වැඩසටහන් වන ග‍්‍රාමශක්ති, වකුගඩු රෝග නිවාරණ, ඩෙංගු මර්දන, ආහාර සුරක්ෂිතතා, මත්ද්‍රව්‍ය නිවාරණ, දරුවන් සුරකිමු, ස්මාර්ට් ශ‍්‍රී ලංකා, පරිසර සංරක්ෂණ, ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ යනාදී වැඩසටහන්වලට අදාළ ප‍්‍රජා මූල සහභාගිත්ව සංවර්ධන ක‍්‍රමවේදයන් ඔස්සේ ජනතාවගේ ගැටලූ විසදීම සිදු වේ.

    ඊට අමතරව සියලූ රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ වෙනත් ආයතන විසින් ඒ ඒ ක්ෂේත‍්‍රයන් ඔස්සේ ජනතාවට බලපාන ගැටලූ සඳහා විසඳුම් ලබාදීමටත්, මුල්‍ය පහසුකම්, ආයෝජන හා වෙනත් ආධාර පිරිනැමීමටත් වෘත්තීය අවස්ථා විවෘත කර දීමටත් කටයුතු කරනු ලැබේ.

    අද දින ද ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ද ප‍්‍රතිලාභ රැසක් බෙදාදීම සිදු වූ අතර ගම රැකුම, සංවිධාන ලියාපදිංචි සහතික පත් ප‍්‍රදානය, සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 02 බැගින් වූ චෙක්පත් ප‍්‍රදානය, එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා දිරිය ණය ප‍්‍රදානය, කෘෂිකර්ම හා ගොවිජන මණ්ඩලයේ ගොවි විශ‍්‍රාම වැටුප් පොත් ප‍්‍රදානය.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සදහා ණය ප‍්‍රදානය, දරුවන් සුරකිමු, වැඩසටහන යටතේ පාසල් උපකරණ කට්ටල ප‍්‍රදානය, කලායතන වෙනුවෙන් ආධාර පිරිනැමීම, ස්වයං රැකියා උපකරණ කට්ටල ප‍්‍රදානය, රණවිරු සේවා අධිකාරිය මගින් පූර්ණ නිවාස ප‍්‍රතිලාභ ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක විය.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 15:27

    Latest News