සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට

අගෝ 05, 2019

    ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සමාජිකයන් ලෙස කටයුතු කල සහ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් ( JMI ) සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කළ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් ත්‍රස්තවාදී නායක සහරාන් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ බවට තොරතුරු හෙළිව ඇත. අම්පාර පොලීස් නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අද (05)
    දින රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මතයි. 

    ඒ අනූව, අංක 20/ ඒ, කලුගමුව, ගෙලිඔය පදිංචි මො⁣හොමඩ් මන්සුර් සෙයිෆුල්ලාහ්, (නුවරඑළිය කදවුරට සහභාගි වි ඇති අතර අබු සහිඩ් යන අනුවර්ථ නාමය ලබා දි තිබේ)

    අංක 77 / 2 ඒ, වල්පොලදෙනිය,මාවනැල්ල පදිංචි
    මුස්තාක් අලි අම්හර් (හම්බන්තොට පුහුණු කදවුරට සහභාගි වි ඇති අතර අබු හින්ද් යන අනුවර්ථ නාමය ලබා දි තිබේ),ඩි 114, තානගම, මාවනැල්ල පදිංචි මොහම්මදු තාහිර් හිදායතුල්ලා (නුවරඑළිය කදවුරට සහභාගි වි ඇති අතර අබු තුරාබ් යන අනුවර්ථ නාමය ලබා දී තිබේ) යන අය අත්අඩංගුවට ගැනිණ.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 18:00

    Latest News