ජනාධිපති අපේක්‍ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ අවධානය යොමු කරනවා; සම්බන්ධන්

අගෝ 05, 2019

    ප්‍රධාන පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, තම මතය ප්‍රකාශයට පත්කරන බව, දෙමළ ජාතික සන්ධානය පවසයි.

    තම සන්ධානයේ සහාය ලබාදීමට ප්‍රථම ජනාධිපති අපේක්‍ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ අවධානය යොමු කරන බව, එහි නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. ඉලංගෙයි තෛමෙල් අරෙසු පක්‍ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    ආර්. සම්බන්ධන් මහතා....

    “දැන් දේශපාලන වේදිකාවල ජනාධිපති අපේක්‍ෂකයන් පිළිබඳව කතා වෙනවා. දේශපාලන පක්‍ෂ තම ජනාධිපති අපේක්‍ෂකයන් පිළිබඳව තීරණයක් ගැනීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. අපි ජනාධිපති අපේක්‍ෂකයන්ගේ මතය ගැන සොයා බැලිය යුතුයි“ යැයි ආර් සම්බන්ධන් මහතා පැවසීය.

    Latest News