කරන්නාගොඩට හා රොෂාන්ට ගෞරව නිලයන්

අගෝ 07, 2019

    හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ.

    ජනාධිපතිතුමා විසින් මෙම ගෞරව නිලයන් පිරිනමා ඇත්තේ, ඒ ත්‍රස්තවාදය රටින් තුරන් කිරිම සඳහා සිදු කළ අද්විතිය මෙ‍හෙවර ඇගයීම සඳහායි.

    ඒ අනූව, හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලයෙන් ද හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයෙන් ද පිදුම් ලබා තිබේ.

     

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 10:00

    Latest News