කොළඹ කුණු අරුවක්කාරු කසළ අංගනයට

අගෝ 09, 2019

    දින කිහිපයක් අඩාලව පැවති කොළඹ නගරයේ කසළ ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදු කෙරෙන බව කොළඹ මහ නගර සභාව පවසයි.

    අරුවක්කාරු කසළ අංගනයට කසළ බැහැර කිරීම ඊයේ රාත්‍රී සිට ආරම්භ කෙරිණ. කොළඹ නගරයේ කසළ ඉවත් කිරීමේ කටයුතු දින කිහිපයක් අඩාලව පැවතියේ වත්තල කෙරවළපිටිය අංගනයට කසළ බාරගැනීම පසුගිය 5 වැනිදා සිට නතර කිරීමත් සමඟයි. ඊට විසඳුම් ලෙස, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පුත්තලම අරුවක්කාරු අංගනයට කසළ බැහැර කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව, කොළඹ මහ නගර සභාව ඊයේ රාත්‍රී සිට නගරයේ කසළ ඉවත් කිරීම සිදු කළේය.

    Latest News