කොළඹින් - බදුල්ලට විශේෂ දුම්රියක්

අගෝ 09, 2019

    අගෝස්තු අද (09) වැනිදා සිට සිට 14 වැනිදා දක්වා දීර්ඝ නිවාඩුව ඉලක්ක කරගනිමින් විශේෂ දුම්රියක් කොලඹ කොටුව - බදුල්ල දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තු කටයුතු කර ඇත.

    ඒ අනුව රාත්‍රී 7. 20ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන එම විශේෂ දුම්රිය අළුයම 4.30ට බදුල්ලට ළඟා වේ. පසුදින බදුල්ලෙන් රාත්‍රී 8.00 ගමන් ආරම්භ කරන දුම්රිය අළුයම 5.28ට කොළඹ කොටුවට ලඟා වේ.

    කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනා දුම්රිය රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පේරාදෙනිය, ගම්පොල, නාවලපටිය, වටවල, රොසැල්ල, හැටන්, තලවකැලේ, නානුඔය යන දුම්රිය ස්ථානවල නවත්වන අතර නානුඔය සිට බදුල්ල දක්වා ප්‍රධාන දුම්රිය ස්ථානවලත් නවත්වනු ලැබේ. බදුල්ල සිට ගමන් ආරම්භ කරන දුම්රියද එම දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලැබේ.

    විශේෂයෙන් පාසැල් නිවාඩු සමයේ පාසැල් සිසුන් ඇතුළු දෙස් විදෙස් සංචාරකයින්, උඩරට ප්‍රදේශයේ දුම්රියෙන් සංචාරයේ යෙදිමට දැඩි කැමැත්තක් දක්වන අතර මේ නිසා දුම්රියට දැඩි ඉල්ලුමක් පවති. එහෙත් එම ඉල්ලුමට අනුව දැනට බදුල්ල දක්වා ධාවනයේ යෙදෙන දුම්රිය ගමන්වාර ප්‍රමාණවත් නොවන බැවින් මෙලෙස තවත් විශේෂ ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් මෙම මස 9 දා සිට 14 වැනි දින දක්වා දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් යෙදවු බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම දුම්රිය පළමු පන්තියේ දෙවන පන්තියේ හා තෙවන පන්තියේ මැදිරිවලින් සමන්විතය.

    Latest News