යුධ හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්: විදේශ කටයුතු අමාත්‍යංශය

අගෝ 20, 2019

    ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් මගින් කියා සිටි. විදේශීය පාර්ශ්වයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක් බව එහි සඳහන්වේ.

    ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවත් විදේශ අමාත්‍යංශය නිකුත් කළ‍ නිවේදනයේ දැක්වේ.

     

    මාධ්‍ය නිවේදනය

    ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම

     ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ.

    • ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි.
    • විදේශීය  පාර්ශ්වයන්  මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.
    • චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    කොළඹ.

    2019 අගෝස්තු 20 වැනි දින

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 18:30

    Latest News