වරායේ කෑමවල හොඳ නරක බලන්න ඇමති යයි

නොවැ 22, 2018

    කොළඹ වරාය පරිශ්‍රයේ ඇති සියලුම භෝජනාගාර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ නිරීක්ෂණයට ඊයේ ලක් විය.

    වරාය සේවකයින්ගෙන් ලැබුණු පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මකව පියවර ගත් බවයි, ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ. භෝජනාගාරවල මුළුතැන්ගෙය ඇතුළු සියලු අංශ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මෙහි දී එම භෝජනාගාරවල අඩුපාඩු නිරීක්ෂණය වූ අතර, ඒවා වහාම නිවැරදි කොට නිසි ප්‍රමිතියෙන් යුත් ආහාර ලබා දීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුනි.

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු මෙම භෝජනාගාර තුනෙන් දෛනිකව ආහාර වේල් 5,000ක් පමණ සැපයෙයි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 නොවැම්බර් 2018 11:51

    Latest News