මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතනවලට ලිපි දෙකක්

අගෝ 30, 2019

    මහජන මුදල් අධික ලෙස වැය කරමින්, විවිධ ව්‍යාපෘති හෝ වෙනත් සංවර්ධන කටයුතු පිළිබඳව සහ දේශපාලඥයන්ගේ ප්‍රතිරූප ඔසවා තැබීමට කරන විවිධ ප්‍රචාරක කටයුතු, රාජ්‍ය මුදල් අවභාවිතයක් සේ සැලකීමට සිදුවන බව, මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

    මේ බව අවධාරණය කෙරුණේ, එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින්, සියලු ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් වෙත නිකුත් කළ ලිපියක් මගින්. ඡන්ද විමසීම නිවේදනයට ආසන්න පූර්වයෙන් වූ කාලසීමාව තුළ ඕනෑම අවස්ථාවක සුදුසු යහපත් වාතාවරණයක් සමාජය තුළ පැවතීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අත්‍යවශ්‍ය කරුණක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි. එබැවින් ජනතා මුදල් භාවිතයෙන් මාධ්‍ය මගින් හෝ නන් අයුරින් ප්‍රචාරණය කිරීමෙන් ජනමතය අනියමින් හෝ විකෘති වීමකට හෝ වෙනස් වීමකට අවස්ථාව සැලසෙන්නේ නම්, එය යහපත් මැතිවරණ ක්‍රියාවලියකට හානිදායක ලෙස බලපාන බව එම ලිපියේ සඳහන්.

    Latest News