සියෝන දෙවස්ථානයේ ඝාතකයාගේ සිරුරු කොටස සුසාන භූමියෙන් ඉවත් කිරිමට නියෝගයක්

අගෝ 30, 2019

    මඩකලපුව සියොන් දේවස්ථානයේදී බෝම්බයක් පුපුරුවා ජිවිත ගණනාවක් විනාශ කළ ත්‍රස්තවාදි ඝාතකයාගේ හිස කොටස මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

    මඩකලපුව මහේස්ත්‍රාත්ව ඒ. සි. රිස්වාන් මහතා විසින් දිසාපතිවරයාට අද (30) නියෝග කළ නිකුත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ.

    මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව බෝම්බකරුගේ හිස කොටස පසුගිය 26 වෙනිදා මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියේ වල දැමිණ. එයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් ඇතුළු ජනතාව විරෝධතාවයක් පවත්වනු ලැබුවේය. ඒ අනුව මඩකලපුව දිසාපති එම්. උදයකුමාර් මහතා විසින් මෝසමක් මඟින් පවතින තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තා කරනු ලැබිය.

    එ අනුව කරුණු සැලකිල්ලට ගනිමින් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. සී. රිස්වාන් මහතා නියෝග කලේ එම හිස කොටසට සැප්තැම්බර් මස 02 වනදාට පෙර නැවත ගොඩ ගෙන පොලිස් භාරය යටතේ රෝහල් මෘත ශරිරාගාරයේ තබන නියෝග කෙරිණ.

    Latest News