ජාතික මහජන සභාව සජිත් සමඟ පෙරට

අගෝ 31, 2019

    ජාතික මහජන සභාවේ හැටන් කලාපයේ පුරවැසි සමුළුව වතුකරයේ තරුණ තරුණියන් සහ වතු කම්කරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (31) හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

    පුරවැසියන් යලිත් දේශාපාලනයට කැදවමු යන මැයෙනු මෙම සමුළුව පැවැත්විණි.

    ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබු මෙම සමුළුවට විශේෂ ආරාධිතයන් වශයෙන් ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂක පිලිබද කැබිනට් නොවන අමාත්‍ය අජිත් පි. පෙරේරා සහ ක්‍රීඩා සහ විදුලි සන්දේශ සේවා අමාත්‍ය හරින් ප්‍රනාන්දු යන මහතුන් සහභාගි විය.

    වතුකරයේ ජනතාව සහ රටේ බහුතර ජනතාවක් ඉල්ලන දිනන අපෙක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කිරිමට තම අරමුණ බවයි අමාත්‍යවරුන් දෙදනොම එම සමුළුව අමතමින් කියා සිටියේය.

    jathikamahasabhawa1 px 900

    Latest News