නිකවැරටියේ මිනීමරු වන අලියෙකු අල්ලයි (වීඩියෝ)

සැප් 03, 2019

    නිකවැරටිය තඹරොබුව සහ දිවුල්ලෑපිටිය ප්‍රදේශ වලදී පුද්ගලයින් දෙදෙනෙකු මරාදැමූ වන අලියෙකු ඊයේ (02) රාත්‍රියේ වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගනු ලැබීය.

    වනජීවි දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමෙත් විසින් මෙම වන අලියා ඇල්ලීමේ මෙහෙයුම සිදුකර ඇත.

    මෙම අලියා අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස එම ගම්වාසීන් සහ ප්‍රදේශයේ රජ්‍ය නිලධාරීන් කල ඉල්ලීමක් අනුව අලියා අල්ලා වනජීවී රක්ෂිතයකට මුදාහරින බව නිකවැරටිය වනජීවී පාලන ඒකකයේ වනසත්ව අඩවි ආරක්ශක අයි. එම්. ජී. සෙනෙවිරත්න මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 19:26

    Latest News