පාස්කු ප්‍රහාරයේ වන්දි ප්‍රදානය ඇරඹේ

සැප් 14, 2019

    අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් 116 කට අද දිනයේ වන්දි පිරිනැමීමට නියමිතයි.

    නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මිහිරි විපුලගුණ පැවසුවේ, කොච්චිකඩේ දේවස්ථානයේදී බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ට සහ තුවාල ලබා ආබාධිත වූවන්ට මෙම වන්දි ලබා දෙන බවයි.

    නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් අද කොළඹ අගරදගුරු නිල නිවසේදී එය පැවැත්වේ.

    Latest News