මාපාකඩවල අලියාගෙන් තවත් ප්‍රහාරයක් (ඡයාරූප)

නොවැ 24, 2018

    මහියංගනය, මාපාකඩ වැව, රෝහණ ගම්මානයේ දී  පහරදී ගැහැණු ළමයින් දෙදෙනෙක ඝාතනය කළ වන අලියා තවත් නිවාස 5ක් හා වගාබිමි විනාශකරමින් ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව වාර්තා වෙයි.

    එක් නිවාසයක  නිදන කමකාරය විනාශ කර තිබු නමුත් එම නිවසේ පදිංචිකරුවන් එදින රාත්‍රී නිවසේ රැඳී සිට නැති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    මහියංගනය, මාපාකඩවැව ප්‍රදේශයේ දී මෙම වන අලියෙකු පහර දීමෙන් කුඩා ළමුන් දෙදෙනෙක් පසුගිය (22) රාත්‍රී මිය ගියේය. ඔවුන් පදිංචිව සිටි නිවසේ බිත්තියට වන අලියා විසින් පහර දී තිබේ. ඉන් බියට පත් ළමුන් දෙදෙනා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ. මියගිය ළමයින් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරිණ.

    මෙම අලියා අල්ලා රැගෙන යන ලෙස වනජීවි නිලධාරින්ට බල කරමින් ඊයේ (23) බදුල්ල මහියංගන මාර්ගයේ 22 කනුවෙන් අවහිරි කරමින් ජනතා උද්ඝෝෂණයක ද නිරත විය. එහිදි වනජිවි නිළධාරින් පොරොන්දු වි ඇත්තේ අලියා අල්ලා වෙනත් ප්‍රදේශයකට ගෙන යන බවයි.

     

    elephant px 900 18 11 24

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 16:44

    Latest News