මහනුවර දේවාලයකින් රන් ආභරණ කොල්ලකා පලා ගිය සැකකරුවන් අල්ලයි (වීඩියෝ)

සැප් 26, 2019

    ඊයේ (25) අළුයම මහනුවර ප්‍රදේශයේ දේවාලයකින් රුපියල් ලක්ෂ 500කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ කොල්ලකෑමක් සිදුව තිබේ.

    ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය මාර්ගය අවට CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    පෙ.ව. 3:45ට පමණ මහනුවර, තලාතුඔය, ගාල් තැන්න ප්‍රදේශයේ දේවාලයක සිදුවී ඇති මෙම සිද්ධියට කොල්ලකරුවන් 6 දෙනෙකු පැමිණ ඇති බව පොලිසිය සඳහන් කරයි. ඒ අවස්ථාවේ දේවාලයේ සිටි අය බියගන්වා අත්පා ගැටගසා මුදලින් රුපියල් ලක්ෂ 04ක් හා 10kg කට අධික රන් ආභරණ කොල්ලකා පලා ගොස් ඇත.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය මාර්ගය දෙපස CCTV දර්ශන පරීක්ෂා කර තිබේ. ඒ අනුව ලැබුනු තොරතුරු අනුව සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සොයාගැනීමට හැකිව ඇත. ඒ අනුව වැඩිදුර විමර්ශනවලින් අනතුරුව කොල්ලකරුවන්ගෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 500කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණ සොයා ගෙන ඇත.

    මෙසේ කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණ සොයා ගැනීමට හැකි වුවද කොල්ලකෑ රන් ආභරණවල මුලු බර කිලෝග්‍රෑම් 12 කට අධික යැයි එම දේවාලයේ පූජකවරයා පවසන වාර්තාවේ.

    තලාතුඔය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂක පවත්වයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 10:53

    Latest News