දෙකෝටි හතළිස් පන් ලක්ෂයක හෙරොයින් රේගුවේදී දැලේ

ඔක් 15, 2018

    රුපියල් දෙකෝටි හතළිස් පන් ලක්ෂයක වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම හෙරෝයින් තොගය දිවයිනට රැගෙන විත් ඇත්තේ ඉන්දියන් ජාතිකයෙකු විසිනි.

    සැකකරු තම බිරිඳ සමග ගුවන් තොටුපොළ පැමිණ ඇත්තේ අද (15) අලුයම 2.40ට පමණ වන අතර ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි මෙම යුවල සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය ඔහුගේ ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන තිබේ.

    ඔහු සන්තකයේ තිබී හෙරෝයින් කිලෝ ග්‍රැම් 2යි ග්‍රෑම් 40ක් සොයා ගෙන ඇති අතර ඒ සඳහා ආධාර අනුබලදීමේ වරදට ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 09:02

    Latest News