ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට අත්හිටවු සිරදඬුවමක්

නොවැ 26, 2018

    ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ මුදල් යොදවා නොවටිනා මිලකට සිමාසහිත ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වු එහි හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 05 ක අත්හිටවු සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 03ක දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිරිනැමිණ.

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස සේවයේ යෙදී සිටිය දී රජයට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදුකිරීමේ චේතනාවෙන් හෝ පාඩු සිදුවිය හැකි බව දැන දැනම කොටස් මිල දී ගැනීමේ දී පිළිපැදිය යුතු නියමයන් සහිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට සීමාසහිත ද ෆිනෑන්ස් සමාගමෙන් කොටස් 78,63,362ක් මිල දී ගැනීමට කටයුතු කිරීමෙන් අල්ලස් පනතේ 7 වගන්තිය අනූව දූෂණය නමැති වරද සිදු කොට ඇතැයි චෝදනා හතරක් යටතේ සැකකරුට එරෙහිව එම නඩුව පවරා තිබිණ. 2012 මාර්තු 1 වැනිදා 2012 මැයි 30 වැනිදා කාලය අතරතුරදී මේ සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් ඕනෑකමින්ම වැළකී සිට එකී කොටස් මිල දී ගැනීමට කටයුතු කිරීම සහ ඒ සදහා මුදල් ගෙවීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.හෙන්නායක බණ්ඩාර යන අය පෙලඹවීම සෙසු චෝදනා අතර විය.

    අයුතු ලෙස ආර්ථලාභයක් හෝ අනුග්‍රාහයක් හෝ වාසියක් සිදු කරන ගැනීමේ චේතනාවෙන් රජයේ සේවකයෙකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාරව තමාට පැවරී ඇති ක්‍රියාකාරීත්වයත් එනම් ෆිනෑන්ස් ආයතනය වෙත දන්වා යැවීමට කටයුතු කිරීමෙන් වරදක් සිදු කොට ඇති බවට තෙවැනි චෝදනාවෙන් කියැවිණි.

    යම් තැනැත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධි ලෙස අර්ථලාභයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම ද ෆිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ධුරයක් සඳහා ශාන් චන්ද්‍රසේලදරන් ෂන්මුගනාදන් යන අය පත් කරන ලෙස ද ෆිනෑන්ස් ආයතනය වෙත දක්වා කරන ලෙස ද ෆිනෑන්ස් ආයතනය වෙත දන්වා යැවීමට පියවර ගැනීම මගින් වරදක් කොට ඇතැයි සිව්වැනි චෝදනාව වේ.

    ප්‍රදීප් කාරියවසම් මහතා හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමි පුරුෂයාවේ. හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝගයට ද මෙම චෝදනාව ඇතුලත් විණ.

    Last modified on සදුදා, 26 නොවැම්බර් 2018 17:12

    Latest News