අවසන් ඡන්ද ප්‍රථිඵලය රාත්‍රී 10ට පෙර බලාපොරොත්තු වන්න

ඔක් 11, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රථිඵලය අද (11) රාත්‍රී 10.00 වන විට නිකුත්කළ හැකි බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේය.

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී ආසන 28 කට 85 ක් තරග වදී.


    ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඡන්ද කොට්ඨාස 17 න් සමන්විත වේ.

    අවිත්තාව, ඕමන්ත, මැටිවිලිය, ඉඳිපලේගොඩ, අමුගොඩ, කැටන්දොළ, ඇල්පිටිය, නවදගල, බටුවන්හේන, තලාව, කුඩාගල, කදිරන්දොළ, වල්ලඹගල, පිටුවල, ඇල්ල අම්බනකහදූව, පිනිකහන සහ තිබ්බොටුවාව එම ඡන්ද කොට්ඨාසයි.

    පිළිගත් දේශපාලන පක්ෂ පහකට අයත් අපේක්ෂකයෝ 85 දෙනෙක් තරගයට පිවිස සිටිති.

    තරග කරන අපේක්ෂකයින්ට අමතරව එක් දේශපාලන පක්ෂයකින් 14 දෙනෙකු වශයෙන් පක්ෂ පහෙන් තවත් 70 දෙනෙකු අතිරේක අපේක්ෂකයෝ ලෙස නම් කර සිටිති.

    ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය ලකුණ යටතේ ද එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ ද ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ යටතේ ද , ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රාජාලියා ලකුණ යටතේ ද සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරගයට ඉදිරිපත්ව ඇත.

    Latest News