තුර්කි ජාතිකයන් තිදෙනෙකු STF අත්අඩංගුවට

ඔක් 11, 2019

    ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10) භාර දී ඇත.

    සැකකරුවන් අද (11) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News