අණ නොතකා ධාවනය වූ ජීප් රථයකට පොලීසියෙන් වෙඩි (වීඩියෝ)

ඔක් 14, 2019

    කිලිනොච්චිය,අරවියල් ප්‍රදේශයේ දී සැක සහිත ජීප් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සහ කිරීමේ දී ජිප් රථය නොනවත්වා ධාවනය කිරීමෙන් ජීප් රථයට සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි පුද්ගලයෙක්ට වෙඩි වැදී සුළු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙම ජීප් රථයේ ගමන් කර ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බවට පසුව අනාවරණය වී ඇති. මෙසේ තුවාල ලබා ඇත්තේ සුරාබදු ඒකකයට තොරතුරු සපයන්නෙකු වේ. ජීප් රථයකින් විශාල ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්ධන නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමටයි, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටව ගොස් ඇත්තේ. කිලිනොච්චි පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 20:03

    Latest News