එම ගුවන් යානය 10වැනි වරටයි, මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙන්නේ. ටර්ක්මෙනිස්තානයේ සිට පිටත් වූ මෙම ගුවන් යානය ඊයේ උදෑසන 10.07ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙහි කාර්ය මණ්ඩලයේ 19 දෙනෙක් සිටි අතර ඔවුන්ගේ විවේකය හා ඉන්ධන ලබාගැනීම සඳහා මෙරටට පැමිණි බවයි, මත්තල ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය පවසන්නේ. ගුවන් යානය අද රාත්‍රී ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතයි.