රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලකයින් කාන්තාවන් දූෂණය කරණ විට සිටි ලේකම් ගෝඨාභය අද හෙලන්නේ කිඹුල් කඳුලයි - අගමැති රනිල් (වීඩියෝ)

ඔක් 27, 2019

    රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රාදදේශීය දේශපාලකයින් කාන්තාවන් දූෂණය කිරිමේ දි සහ කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී නෛතික ක්‍රියාමාර්ග නොගත් ආරක්ෂක ලේකම්වරයා, කාන්තාවන් ආරක්ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධානරය කරයි.

    එදා කාන්තාවන් සෙල්ලම් බඩු සේ සැලකූ පිරිසකගෙන් සුරක්ෂිණත භාවයක් බලාපොරොත්තු විය හැක්කේ කෙලෙස ද කියා ඔහු ප්‍රශ්න කර සිටියේ අද (27) කොළඹ, කාන්තා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති වෘත්තීයවේදී කාන්තා සම්මේලනය අමතමිනි.

    කාන්තාවන් වෙනුවෙන් මෙතෙක් සාධනීය මෙහෙවරක් ඉටු කළේත්, අනාගතයේදී ඉටු කරන්නේත් එක්සත් ජාතික පක්ෂාය විසින් බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහණයත් සමගම කාන්තාවන් වෙනුවෙන් විශේෂ සැලසුම් රාශියක් ක්‍රියාත්මක කරන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්යත රනිල් වික්රහමසිංහ මහතා.....

    "පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළ ප්‍රාදේශීය සභා සභාපතිවරු කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට කටයුතු කළා. තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ කාන්තා දූෂණ සිද්ධිය රටේ සියලූ දෙනාමටම දැනගන්න ලැබුණා. මෙවැනි කාන්තාවන් දූෂණය කිරීම් හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් වාර්තාවී තිබුණත් ඒ කිසිවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ. එලෙස නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව පොලීසිය අයත් අමාත්‍යංශ ලේකම්වරයා පරීක්ෂරණ පැවැත්වූයේ නැහැ. ඒ කාලය තුළ පොලිසිය අයත් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදෙනවා දැයි කියා මම මේ රටේ කාන්තාවන්ගෙන් විමසන්න කැමැතියි.

    වසර 10 ක රාජපක්ෂ පාලන කාලය තුළ දේශපාලනඥයින් විසින් කාන්තාවන් දූෂණය කිරීම හා කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන විට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට අමාත්‍යවරයා හා ලේකම්වරයා එක්ව දූෂකයන්ව ආරක්ෂාණ කිරීමට ක්‍රියා කළා. එම ක්‍රියාවලට සම්බන්ධ වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන් සිරගත කිරීමට ක්‍රියා කළේ නැහැ. දූෂකයන් තම තමන්ගේ දූෂණ සාද පවත්වමින් සැමරුවා. එවන් තත්වයක් උදා කළ හිටපු ආරක්ෂ‍ක ලේකම්වරයා ජනාධිපතිවරයා වශයෙන් පත් කරන ලෙස දැන් ඔවුන් ඉල්ලා සිටිනවා.

    එලෙස හිටපු ආරක්ෂතක ලේකම්වරයා ජනාධිපති බවට පත්වුවහොත් කාන්තාවට ආරක්ෂාරවක් ලැබෙනවාද, කාන්තාවන්ට ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවාද? ජාතියෙන් සියයට 52 ක් නියෝජනය කරන කාන්තාවන්ට අරක්ෂාටව සැපයීමට ක්‍රියා නොකළ පුද්ගලයෙකුගෙන් ජාතික ආරක්ෂායවක් ලබා ගත හැකිද? කාන්තාවන් වෙනුවෙන් සාධනීය මෙහෙවරක් ඉටු කළේ අපියි. ඒ සාධනීය මෙහෙවර ඉදිරියට ගෙන යමින් කාන්තාවන්ට ආරක්ෂාව සහ නිසි ගෞරවය තවදුරටත් ලබා ගැනීම උදෙසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා” යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රමුඛ දේශපාලනඥයින්, කොළඹ දිස්ත්‍රික් කාන්තා නියමුවරියන්, කාන්තා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කාන්තා වෘත්තිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    Last modified on ඉරිදා, 27 ඔක්තෝබර් 2019 20:28

    Latest News