ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම දිවයින පුරා සාර්ථකව සිදු කෙරෙනවා; තැපැල්පති (වීඩියෝ)

ඔක් 29, 2019
  • 2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම දිවයින පුරා සාර්ථකව සිදු කෙරෙමින් පවතී.

    උප තැපැල් කාර්යාල මගින් ඡන්ද දායකයින්ගේ නිවෙස් වෙත ඡන්ද පත්‍රිකා ලබාදීම සිදු කෙරෙන අතර ඒවා ලබාගත් බවට නිවෙස් හිමියන්ගේ අත්සන් ගැනීම ද ඡන්ද පත්‍රිකා බෙදා හරින තැපැල්කරුවන් විසින් සිදු කළ යුතුය. තැපැල් ස්ථානාධිපතිවරුන් පවසන්නේ දින දෙකක් ඇතුළත නිල ඡන්ද පත්‍රිකා බෙදා අවසන්කරන බවයි. දිස්ත්‍රික් සහකාර මැතිවරණ කාර්යාල මගින් නිල ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාල වෙත පසුගියදා බාරදෙනු ලැබීය.

    එහිදී අදහස් දැක්වූ තැපැල්පති රංජික් ආරියරත්න මහතා....

    “මේ වනවිට අපිට හයලක්‍ෂ පනස් නවදහස් පන්සිය දාහතරක් තැපැල් ඡන්ද පත්‍රිකා ලැබී තිබෙනවා. රක්‍ෂිත පැකට් විධියට ඒවායින් හයලක්‍ෂ පනස් අටදහස් 793ක් බෙදාහැරීම් කටයුතු අවසන් කර තිබෙනවා. තව 721ක් අද පෙරවරුව වනවිට රැඳී තිබෙනවා. ඒවා විධිමත් පරිදි බෙදා හැරෙනවා. ඡන්ද ප්‍රකාශ කරන්න පුලුවන් හැකි පරිදි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටි 59 ලක්‍ෂ අනූ දෙදහස් 96ක් බෙදාහැරිය යුතුව තිබෙනවා. නිවාස ලක්‍ෂ 60කට පමණ. එයින් පන් ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් ඊයේ බෙදා හැරිම අවසන් කළා. 09 වැනිදා දක්වා බෙදීම් කටයුතු අඛණ්ඩව කිරීමට බලාපොරොත්තු වෙනවා. 09 වැනිදා වනවිට කෙනෙකුට තමන්ගේ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණොත් තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලයට ගොස් තමන්ගේ අනන්‍යතාවය පැහැදිලි කර, එම නිල ඡන්ද පත්‍රිකා ලබාගැනීමට අවස්ථාව සලසල තියෙනවා. මැතිවරණ දිනය තුළත් අවශ්‍ය කෙනෙකුට තමන්ගේ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණා නම් ඒවා අදාළ තැපැල් කාර්යාලයෙන් ලබාගැනිමට හැකියාව තියෙනවා“ යැයි තැපැල්පති රංජික් ආරියරත්න මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 20:12

    Latest News