තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාල 2192 සඳහා එලෙස පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 75% කින් අවසන් කර ඇතැයි, ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
කෙසේ වෙතත්, ලබන 09 වැනිදා දක්වා නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ඒ සඳහා තැපැල් සේවකයින් අට දහසක් පමණ රාජකාරියේ යොදවා ඇතැයි ද සදහන්.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබූයේ නම් තමන්ට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් විමසීම් කළ හැකි බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ය.