එහි විද්‍යාඥ සරත් ප්‍රේමසිර මහතා සඳහන් කළේ, කොළඹ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයේ අගය ඒකක 100ක වැඩි අගයක පවතින බවයි. ඒ පිළිබඳ ශ්වසන රෝගීන් හා කුඩු දරුවන් විමසිලිමත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය එලෙස ඉහළ ගොස් තිබේ. පවතින සුළං ප්‍රවාහය ද ඊට හේතුවයි.