ඒ ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහායි. ඔවුන් නොපැමිණෙන්නේනම් අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට පැමිණෙන ලෙස කොමිසම දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණයට අදාළ සියළුම ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. නිහඩ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.