මහජන සේවාවන් අඩාලවීමට ඉඩ නොතැබීමේ වගකීම් නිසි ලෙස ඉටුකරන්නැයි ද ජනාධිපතිතුමා සියලූ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ඊයේ (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර පත්වීම් ලිපි ප්රදානෝත්සවය අමතමින්.
විසි හත්දහසකට ආසන්න සමෘද්ධි නිලධාරින්ගේ ජීවන අභිප්‍රාය වූ පූර්ණ විශ්‍රාම වැටුප් සහිත පත්වීම් සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් හත්දහසකට ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තමන් සියලූ අමාත්‍යාංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බවයි.
එබැවින් එම සියලූ පත්වීම් නීත්‍යනුකූල වන අතර එහි කිසිදු ගැටලූකාරී තත්ත්වයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා රට තුළ කුමන දේශපාලන නොසන්සුතාවයක් ඇති වුව ද සිය අමාත්‍යාංශවල කටයුතු නිසි ලෙස ඉටුකරමින් රටේ සියලූ ක්ෂේත්‍ර යථා පරිදි පවත්වාගෙන යාම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ද ප්‍රකාශ කළේය.
අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික සංවර්ධනය ඇති කරමින් රටට ආර්ථික සමෘද්ධිය උදා කිරීමට සමෘද්ධි ව්‍යාපාරය ඉටුකරන මෙහෙවර අගය කළ ජනාධිපතිතුමා සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ කාර්යභාරය ද ඇගැයීමට ලක් කළේය.
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය.