යම්කිසි පුද්ගලයෙකු විසින් ඇතාට වෙඩි තබා පළාගොස් තිබෙන බවයි, වනජීවී නිලධාරීන් පවසන්නේ. වෙඩි වැදුණු ඇතා වැව් ඉස්මත්තේ මඩේ එරී මියගොස් සිටියි. මේ පිළිබඳව උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් සහ උඩවලව ඇත්ඇතුරු සෙවනේ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරනවා.