පාන් ගෙඩියක මිල රු. 05කින් ඉහළට; බේකරි හිමියන්ගේ සංගමය (වීඩියෝ)

නොවැ 20, 2019

    අවස්ථා කිහිපයකදී පිටි මිල වැඩි කිරීම හේතුවෙන් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල තාවකාලිකව රුපියල් 05කින් ඉහළ දැමීමට සිදුවන බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    එහෙත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති එම්.කේ.ජයවර්ධන මහතා පැවසීය. එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා...

    “පසුගිය 15 වැනිදා අවසන් වරට පසුගිය රජය විසින් පිටි මිල රු. 8යි ශත 20කින් වැඩි කළා. පහුවෙනිදා මැතිවරණයක් බැවින් මංගල සමරවීර ඇතුලු කිහිප දෙනෙක් වහාම පිටි සමාගම්වලට තර්ජනය කරලා මේක තාවකාලිකව නතර කළා. නොවැම්බර් 16 නැවතත් පිටි මිල වැඩි කළා. බේකරි හිමියන්, ජනතාව අමාරුවේ දාන්නේ නැතුව මේකට යම්කිසි සහනයක් දෙන්න, එතකං අපි තාවකාලිකව අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 5කින් අපි වැඩි කරනවා. අනෙකුත් කෑමවලට සංගමය විසින් කිසිම මිල වැඩි කිරීමක් කරන්නේ නැහැ. මෙම වැඩි කිරීම සිද්ධ කරන්නේ තාවකාලිකව. මුළු රටටම කියන්න සිද්ධ වෙලා තියෙනවා මේ වෙලාවේ රජය අපහසුතාවට පත් කිරීමක් නොව, අපේ ජීවන වෘත්තිය අනිවාර්යයෙන් අපට රැකගන්න සිද්ධ වෙලා තියෙනවා“ යැයි එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. පිටි සමාගම්, රජය සහ පාරිභෝගික අධිකාරිය එක්ව මේ ගැටලුව විසඳිය යුතු බව, බේකරි හිමියන් අවධාරණය කළේය.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 20:22

    Latest News