ජයග‍්‍රහණය පිටුපස මහාසංඝරත්නය: ජාතීන්ගේ එකමුතුවෙන් සංවර්ධනයට වැඩපිළිවෙලක්: ලක්ෂමන් යාපා

නොවැ 20, 2019

    දිනූ ජයග‍්‍රහණය පිටුපස මහාසංඝරත්නය සිටි බවත්, විවිධ ජාතීන්ගේ එකමුතුවෙන් රට සංවර්ධනය කර රැගෙන යාමේ වැඩපිළිවෙලකට අවතීර්ණවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    විවිධ ජාතින් භේද කරන ආගම් හැටියට වෙන් කරපු නායකයින් හට ජනමතය තුළින් පෙන්වා දී ඇත්තේ සිංහල බෞද්ධ රටක් අනෙකුත් සියලූ දෙනාට එකට සිටිය හැකි රටක් නිර්මාණය වී ඇති බව ඔහු කියා සිටියේය.

    එක රටක් තුළ සෙසු ජාතීන්ගේ ද සංවර්ධන ඉටුකිරීමට නව ජනාධිපතිවරයාගේ ඇතුලූ ආණ්ඩුවේ වගකීම බවත් වැඩිදුරටත් ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. මාතර දිස්ත‍්‍රික්කයක් ලෙස කැපීපෙනෙන ජනමතය ප‍්‍රකාශවීමක් සිදුවීම ගැන සියලූ මාතර ජනතාවට ස්තූතිවන්ත වන බවත් අද (20) මාතර  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.


    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 20:05

    Latest News