රුවන්වැලි චුඩාමානික්‍ය ප්‍රදර්ශනය; සලපතල මළුවේ දී (වීඩියෝ)

නොවැ 23, 2019

    ඓතිහාසික රුවන්වැලි චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත චුඩාමානික්‍යය, රුවන්වැලි සලපතල මළුවේ දී ප්‍රදර්ශනය කෙරේ.

    ඊයේ (22) පස්වරුවේ රුවන්වැලි චුඩාමානික්‍යය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට වැඩමවීමෙන් පසු එහිදී විශේෂ ආගමික වතාවත් සිදුකිරීම සිදුවිය. අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි ප්‍රමුඛ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදුකෙරිණි.

    ඉන් අනතුරුව, රුවන්වැලි චුඩාමානික්‍යය, ඓතිහාසික රුවන්වැලි චෛත්‍යරාජයාණන් වෙත වැඩමවා එහි සලපතල මළුවේ සකස්කොට ඇති විශේෂ ප්‍රදර්ශන කුටියේ තැන්පත් කිරීම සිදුවිය. ඊයේ රාත්‍රී කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයේ සිට චූඩා මාණික්‍ය අනුරාධපුරයට වැඩම කෙරුණි.

    අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකරී පුජ්‍ය පණ්ඩිත පල්ලේගම හේමරතන නාහිමිපාණන් ප්‍රමුඛ මහාසංඝරත්නයේ ආශිර්වාද මැද චුඩාමානික්‍යය, මහජන වන්දනාමානය සඳහා විවෘත විය.

     

    එළඹෙන 25දා දහවල් කාලය දක්වා බැතිමතුන්ට චුඩාමානික්‍යය වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා ඇති අතර 26දා චුඩාමානික්‍යය තැන්පත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 21:00

    Latest News