මහජන සාමය ආරක්‍ෂාවට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

නොවැ 23, 2019

    දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

    මෙලෙස සන්නද්ධ හමුදා කැඳවීමට පියවර ගැණුනේ, මහජන ආරක්‍ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නොවැම්බර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරිණ. ඒ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට අයත් ගොඩබිම් සහ දිවයින වටා ජල තීර මේ යටතට ගනිමින්. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් අනතුරුව පනවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු රට තුළ මහජන සාමය ආරක්‍ෂා කර ගැනීම සඳහා මෙලෙස ත්‍රිවිධ හමුදාව කැඳවීමට පියවර ගැණින.

    Latest News